ඊ පාස්පෝට් අභිලාෂ කැඳවීමේ නිවේදනය අත්හිටුවා ටෙන්ඩර් කැඳවීමට ඇමති ටිරාන්ගෙන් තීරණයක්

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාල අභිලාෂ කැඳවීමේ නිවේදනය (EOI) අත් හිටුවා ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබේ.

ඊට අදාල කටයුතු සඳහා විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කිරීමටත් ඒ අනුව, රටේ පවතින ආර්ථික තත්වය හා අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන අලුතින් ටෙන්ඩරයක් කැඳවීමටත් විෂය බාර අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රීකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීමට අදාලව අභිලාෂ කැඳවීමේ නිවේදන (EOI) කැඳවා තිබූ අතර එහිදී ඊට ඉදිරිපත්වූ බොහෝ අභිලාෂ ප්‍රකාශකරුවන් එම අභිලාෂ කැඳවීමේ නිවේදනයේ පැවති යම් යම් තාක්ෂණික දුර්වලතා සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වෙත පැමිණිලි කර තිබිණ.

ඒ අනුව, අදාල අභිලාෂ කැඳවීමේ නිවේදනය අහෝසි කර සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ටෙන්ඩර් කැඳවීමට විෂයබාර අමාත්‍ය ටිරාන් අලස් කටයුතු කර ඇත.  

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහා ද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බව ද සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...