*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

නැන්සිගේ තායිවාන සංචාරය – චීනයෙන් දැඩි ප්‍රතිචාර

ඇමරිකානු සෙනෙට් සභාවේ කතානායිකා නැන්සි පොලෝසි රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් සඳහා මේ වනවිට තායිවානය වෙත පැමිණ සිටිනවා. ඒ අසල්වැසි චීනයේ දැඩි විරෝධය නොතකාය.

ඉහළ පෙළේ ඇමරිකානු නියෝජිතයෙකු තායිවානය වෙත පැමිණියේ වසර 25 කට පසුව වන අතර මේ නිසා නැන්සිගේ මෙම සංචාරය පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. චීනයෙන් එල්ල වන දැඩි විරෝධයද එවැනි අවධානයක් යොමුවීමට ප්‍රධාන හේතුවකි.

චීනය අනතුරු අඟවමින් කියා සිටින්නේ නැන්සිගේ සංචාරය හේතුවෙන් දැඩි ප්‍රතිචාරයකට මුහුණදීමට ඇමරිකාවට සිදුවනු ඇති බවයි.

මේ අතර බීජිං නුවර සිටින චීන තානාපතිවරිය කැඳවා නැන්සි පොලෝසිගේ තායිවානය සංචාරය සම්බන්ධයේ විරෝධය පළකිරීමටද චීන රජය තීරණය කර තිබෙනවා.

මෙම සංචාරය අතරතුර තායිවාන ජනාධිපතිනිය හමුවීමට ඇමරිකානු සෙනෙට් සභාවේ කතානායකවරිය සූදානමින් සිටින අතර ඉන් අනතුරුව ඇය රටින් බැහැරව යනු ඇත.

චීනය නමැති යෝධයා ආසන්නයේ තිබෙන දූපත් රාජ්‍යයක් වන තායිවානය තමන්ට අයත් බව චීනය දිගින් දිගටම ප්‍රකාශ කරන අතර මේ නිසා දෙරට අතර විටින් විට උණුසුම්කාරී තත්වයන් ඇති වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan