හිටපු ජනාධිපති ගෝඨාභය 11 වෙනිදා ලංකාවට !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු 11 වනදා යළිත් මෙරටට පැමිණීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

දැනට සිංගප්පූරුවේ සිටින ඒ මහතාට එහි රැඳී සිටීමට එරට රජය විසින් අවසර ලබාදී ඇති කාලය අගෝස්තු 11 වනදායින් අවසන් වන අතර, ඒ අනුව ඒ මහතා එදින ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේ පැමිණෙන ඒ මහතා මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේ පදිංචියට යනු ඇති බවත් වාර්තා විය.

එමෙන්ම, යම් කලක් ගතවීමෙන් පසුව නැවතත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේද, නැද්ද යන්න පිළිබඳව ඒ මහතා තම සමීපතමයින් සමග සාකච්ඡා කර පසුව තීරණය කරනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථි­කය ඔස­වන පෙර­ළි­කාර ජාතික උපා­ය­මාර්ග

-ආචාර්ය ප්‍රභාත් වීර­සිංහ තොර­තුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්ව­වි­ද්‍යා­ලය. (Seed...

ආරක්ෂක ප්‍රමාදයෙන් පසු රොනාල්ඩෝගේ ජයග්‍රාහී දස්කම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : සෞදි අරාබියේ රියාද්...

ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර වෙනස් වන සබඳතාව: 2026 ඊශ්‍රායල මැතිවරණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඓතිහාසික මිත්‍රත්වයක...

නාමල්ට අදත් ඇප නෑ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන...