*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ලොව සුරූපීම අගමැති බිරිඳ විවාහයට සමුදෙයි

බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද වලින් අනතුරුව අප වෙන්වීමට තීරණය කළ බවයි අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සිය බිරිඳ වන සොෆී ග්‍රොකෝයගෙන් වෙන්වන බවට සිට ඉන්ස්ටග්‍රෑමි ගිනුමේ සඳහන් කර තිබේ.

ඇය ලොව අගමැතිවරුන්ගේ බිරින්දෑවරුන් අතර සුරූපීම අගමැති බිරිඳ ලෙස හඳුන්වන අතර 2005 වසරෙන් ඇරඹි ඔවුන්ගේ විවාහ දිවිය මේ වන විට අවුරුදු 18ක් ගතවී තිබේ. ඔවුන් හට දරුවන් තිදෙනෙකුද වන අතර බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද වලින් අනතුරුව අප වෙන්වීමට තීරණය කළ බවයි අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ.

අගමැති ටෲඩෝගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, අගමැතිවරයා මේ සතිය තුළ සිය දික්කසාදය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත්, මේ වන විට දෙදෙනා නීතිමය ගිවිසුමකට අත්සන් කර ඇති අතර සිය දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.

කෙසේ නමුත් මේ සමිබන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙම වෙන්වීම පිළිබඳ පණිවිඩය කැනේඩියානු ජනතාව අතර ශෝකය දනවන්නක් බවට පත්ව ඇති බවයි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan