ලොව සුරූපීම අගමැති බිරිඳ විවාහයට සමුදෙයි

බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද වලින් අනතුරුව අප වෙන්වීමට තීරණය කළ බවයි අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සිය බිරිඳ වන සොෆී ග්‍රොකෝයගෙන් වෙන්වන බවට සිට ඉන්ස්ටග්‍රෑමි ගිනුමේ සඳහන් කර තිබේ.

ඇය ලොව අගමැතිවරුන්ගේ බිරින්දෑවරුන් අතර සුරූපීම අගමැති බිරිඳ ලෙස හඳුන්වන අතර 2005 වසරෙන් ඇරඹි ඔවුන්ගේ විවාහ දිවිය මේ වන විට අවුරුදු 18ක් ගතවී තිබේ. ඔවුන් හට දරුවන් තිදෙනෙකුද වන අතර බොහෝ අර්ථවත් හා දුෂ්කර සංවාද වලින් අනතුරුව අප වෙන්වීමට තීරණය කළ බවයි අගමැතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ.

අගමැති ටෲඩෝගේ කාර්යාලය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, අගමැතිවරයා මේ සතිය තුළ සිය දික්කසාදය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත්, මේ වන විට දෙදෙනා නීතිමය ගිවිසුමකට අත්සන් කර ඇති අතර සිය දරුවන් ඇති දැඩි කිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.

කෙසේ නමුත් මේ සමිබන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙම වෙන්වීම පිළිබඳ පණිවිඩය කැනේඩියානු ජනතාව අතර ශෝකය දනවන්නක් බවට පත්ව ඇති බවයි.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...