කොළඹ LNW: බංග්ලාදේශය ඊයේ (8) අන්තර්වාර රජයක් පිහිටුවීම පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ බංග්ලාදේශයේ අන්තර්වාර රජය පිහිටුවීම චීනය පිළිගන්නා බවයි.
චීනය සෑම විටම අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන මූලධර්මය පිළිපදින අතර බංග්ලාදේශයේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කරන බව ද එහිදී ප්‍රකාශ කළා.
චීනය බංග්ලාදේශ ජනතාව විසින් ස්වාධීනව තෝරා ගන්නා ලද සංවර්ධන මාවතට ගරු කරන අතර සෑම විටම චීනය, බංග්ලාදේශ ජනතාව වෙත යහපත් අසල්වැසි සහ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
දිනූෂි ධීරසිංහ