මිසයිල ඇරගනිමු, වෙඩි තියාගනිමු, ජීවිතය ජයගනිමු – බයිඩන් සීයාගෙන් සෙලෙන්ස්කි බබාට තවත් ඩොලර් බිලියනයක යුධ ආධාර!

Date:

එක්සත් ජනපදය විසින් යුක්රේනයට තවත් දැවැන්ත යුධ ආධාරයක් ලබා දීමට නියමිත බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඒ අනුව, ඇමරිකානු ඩොලර් බිලියනයක ආරක්ෂක සහාය ලබාදෙන යුධ ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට එරට ජනපති ජෝ බයිඩන්ගේ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

මෙය මෙතෙක් යුක්රේනයට එක්සත් ජනපදය විසින් ලබා දුන් විශාලතම තනි ආධාර පැකේජය බවට සඳහන්.

මෙම යුධ පැකේජයට අයත් පහසුකම් අතර දිගු දුර ආයුධ සඳහා අවශ්‍ය උණ්ඩ සහ සන්නද්ධ වෛද්‍ය ප්‍රවාහන සේවා ඇතුළත් බව පෙන්ටගනයේ වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ටොඩ් බ්‍රීසල් ඉකුත් සඳු (08) දින නිවේදනය කළේය.

එක්සත් ජනපදය විසින් යුක්රේනයට ලබා දුන් යුධ ආධාර අතර අධි සංචලතා කාලතුවක්කු රොකට් පද්ධති (High Mobility Artillery Rocket System: HIMARS) සඳහා අවශ්‍ය උණ්ඩ, ජාතික/නෝර්වීජියානු උසස් මතුපිට සිට ගුවන් මිසයිල පද්ධති (National/Norwegian Advanced Surface to Air Missile System: NASAMS) සඳහා අවශ්‍ය පතොරම් සහ M113 වර්ගයේ සන්නද්ධ වෛද්‍ය ප්‍රවාහන රථ 50 පමණ ඇතුළත් බව සඳහන්.

ඉහත ඩොලර් බිලියනයට අමතරව, රුසියාව යුක්රේනය ආක්‍රමණය කළ පෙබරවාරි 24 වන දින සිට මේ දක්වා එක්සත් ජනපදය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8.8 ක පමණ යුධ ආධාර යුක්රේනයට ලබා දී ඇති අතර, මෙම මුළු මුදල වත්මන් ගෝලීය ආහාර සහ ආර්ථික අර්බුදය මත දුක්විඳින රටවල් වලට බෙදා දුන්නා නම් පරම්පරා 2 – 3 කගේ ම කුසගිනි එකවර නිවා දැමිය හැකිය.

රුසියානු – යුක්රේන යුධ තත්ත්වයේ අවසානයක් පෙනෙන තෙක් සීමාවක ඇත්තේ ද නැත. ජීවිත නම් විනාශ වෙමින් පවතී.

MIAP-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...