කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කිරීමට තිබූ නෛතික බාධා ඉවතට

Date:

තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් රැකියාවන්හි නියුතු කාන්තාවන් හට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කරමින් රාත්‍රී සේවයේ නියුතු වීමට අවකාශය සැලසෙන පරිදි 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබද (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම පිණිස කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර, දැනුම් සහ ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, විදේශයන්හි පිහිටි ව්‍යාපාර ආයතනවල ගිණුම්, පරිපාලන සහ තාක්ෂණික කටයුතු සිදුකරන කාර්යාල ඇතුළු ආයතනයන්හි සේවයේ නියුතු සේවිකාවන් හට රාත්‍රී සේවයේ නියුක්ත වීමේ දී මෙතෙක් පැවැති නෛතික සීමාවන් සංශෝධනය කර තිබේ. එමගින් වයස අවුරුදු දහ අට සම්පූර්ණ කර ඇති ඉහත සදහන් ක්ෂේත්‍රයන්හි රැකියාවන්හි නියුතු සේවිකාවන් උදෑසන 6.00ට පෙර හෝ සවස 6.00න් පසුව ද සේවයේ නියුක්ත කළ හැකි වේ.

පැවති නෛතික තත්ත්වය තුළ වයස අවුරුදු දහ අටකට වැඩි කාන්තාවකට පස්වරු 8.00 දක්වා සේවය කිරීමට අවසර තිබූ අතර, ගුවන්තොටුපළ, හෝටල්, භෝජනාගාර, සමාජ ශාලා වැනි සීමිත පරාසයක පමණක් රාත්‍රී සේවයේ යෙදීමට සීමිත අවකාශයක් තිබුණි. මෙමගින් කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීමට කම්කරු නීතියේ පැවැති නෛතික බාධා ඉවත් කෙරෙන අතර, එමගින් මෙරට ශ්‍රම බලකායේ කාන්තා සභභාගීත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...