දුක්බර ලයින් කාමරවල ජීවත වලට ජනපතිගෙන් පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ (LNW):

ඉතිහාසයේ පළමු වතාවට ලයින් කාමරවල ජීවත් වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ, කදුකරයේ දෙමළ ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීම තම අරමුණ බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව මුහුණදී ඇති ගැටලු පිළිබදව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණි.

ආර්ථික අර්බුදයෙන් මුදා ගනිමින් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළට පූර්ණ සහාය පළකරන බව නුවරඑළිය දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් විද්වත් වෘත්තිකයින් අතර හමුවක් නුවරඑළියේ දී පැවැත්වුණි.

ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙනයාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ ආපස්සට හැරවීමට ඉඩ නොදෙන බව විද්වත් වෘත්තිකයින් මෙහිදී අවධාරණය කළේය.

විදුහල්පතිවරුන් ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ වෘත්තිකයින්ගේ ගැටලු ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...