ඉන්දියාවේ රජයේ රැකියා විභාග අක්‍රමිකතා ගැන විරෝධතාව උත්සන්න වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
රජයේ ජනප්‍රිය සිවිල් සේවා රැකියා සඳහා පැවැත්වෙන තරග විභාගවල අක්‍රමිකතා සම්බන්ධයෙන් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට චෝදනා කරමින් ඉන්දියාවේ තරුණ විරෝධතාකරුවන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.

විරෝධතාව උත්සන්න වීමත් සමඟ පොලිසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ රජයේ සිවිල් සේවා රැකියා සඳහා පවත්වන තරග විභාග සඳහා විශාල තරුණ පිරිසක් සහභාගී වන අතර, එම විභාගවලදී සිදුවන බව කියන අක්‍රමිකතා සහ වංචා පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ චෝදනා එල්ල වී තිබේ.

විරෝධතාකරුවන් පවසන්නේ විභාග ක්‍රියාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය තහවුරු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

රජයේ ස්ථිර රැකියා සඳහා දැඩි තරගයක් පවතින පසුබිමක, මෙම විරෝධතා ඉදිරියේදී තවදුරටත් උත්සන්න විය හැකි බවටද අවධානය යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...