මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකයා දැලේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 11 , කොළඹ LNW :

මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බවට සැකකෙරෙන බන්ධනාගාර නියාමකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ගල්කිස්ස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා අයිස් සහ හෙරොයින් තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින රැඳවියෙකු බව අනාවරණය වී තිබේ.

සැකකාර නියාමකවරයා හසුකරගෙන ඇත්තේ උපායදූතයෙකු යොදා සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය පාර්සලය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.

අත්අඩංගුවට පත් නිලධාරියා මීට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කළ අයෙකු වන අතර, පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...