වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 12) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...