කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ බිරිඳගේ සහෝදරියකගේ ස්වාමි පුරුෂයා වන යක්දෙහිගේ සුසන්ත සුදර්ශන නමැති අය කෑගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (11) අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට වාහනයක් දෙන බව පවසා රුපියල් 1,145,000ක මුදලක් වංචා කිරීමේ චෝදනාවක් අනුව ය.
ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පෙරේදා (10) දිනයේදී කුරුණෑගල, මාස්පොත පිහිටි නිවසට ගියත් ඔහු එහි සිට නොමැති අතර ඊයේ දිනයේදී ඔහු කෑගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (12) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.


