කොළඹ LNW:ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව සැකකරු ලබන 25 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියෝග කර ඇත.


