බැකෝ සමන්ගේ මව වෙඩි ප්‍රහාරයකින් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

මිද්දෙනිය, උල්හිටියාව ප්‍රදේශයේදී ඊයේ (12) පස්වරුවේ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් ඇති අතර, එම අවස්ථාවේ මියගිය කාන්තාව පමණක් නිවසේ ඉදිරිපස සිට ඇති බව සඳහන්ය.

වෙඩි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ කාන්තාව මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න හෙවත් ‘බැකෝ සමන්’ ද එම පිරිස අතර සිටි අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...