බැරැක් ඔබාමාගෙන් නව පොඩ්කාස්ට් වැඩසටහනක්

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ඇමරිකානු ජනාධිපති Barack Obama විසින් තම ලෝක දැක්ම ගොඩනැගීමට බලපෑ පොත් පිළිබඳව සාකච්ඡා කරන නව පොඩ්කාස්ට් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

“A Great Book” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන Audible සඳහා නිෂ්පාදනය කර ඇති අතර, එහි කථාංග හයකට ඔබාමාම සත්කාරකත්වය ලබාදීමට නියමිතය.

මෙහිදී ඔහු තම ජීවිතයට සහ අදහස්වලට බලපෑ ප්‍රකට සාහිත්‍ය කෘති පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, ප්‍රකට ලේඛිකා Toni Morrison, ඔත්තු කතා රචක John le Carré සහ ලේඛක James Baldwin ඇතුළු ලෝක ප්‍රකට කතුවරුන්ගේ කෘති පිළිබඳවද අවධානය යොමු කරනු ඇත.

ඔබාමාගේ කියවීමේ පුරුද්ද සහ සාහිත්‍යයට ඇති උනන්දුව ඔහුගේ ජනාධිපති ධුර කාලයේ සිටම ප්‍රසිද්ධ කරුණක් වන අතර, මෙම පොඩ්කාස්ට් හරහා ඔහු තෝරාගත් පොත් පිළිබඳ පෞද්ගලික අදහස් සහ ඒවා තම ලෝක දැක්මට බලපෑ ආකාරය ඔහු මෙහිදී ශ්‍රාවකයන් සමඟ බෙදා ගැනීමට බලාපොරොත්තු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...