රෂිකා හෙන්නායක අගෝස්තු 14 , කොළඹ LNW :
නැගෙනහිර පළාතේ පාසල් සිසුන් සඳහා බෙදා හැරීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් තොගයක් වංචා සහගත ලෙස අලෙවි කිරීමේ පුවතක් අනාවරණය වේ.
අදාළ ප්‍රවාහන කටයුතු භාරව සිටි ලොරි රථ රියදුරු විසින් මෙම පොත් තොගය රුපියල් හතළිස් හත්දහසක (47000) මුදලකට පරණ කඩදාසි මිලදී ගන්නෙකුට විකුණා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ තලංගම පොලිසිය විසින් සැකකාර රියදුරු සහ පොත් මිලදී ගත් පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
සොරකම් කරන ලද මෙම පොත් ප්‍රමාණය දහනවදහස් අටසිය අනූ දෙකක් වන අතර ඒවා පෑලියගොඩ ප්‍රදේශයේ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනයකට ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන පොලිසිය මෙයට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
රජයේ දේපළ අවභාවිත කරමින් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය උදුරා ගැනීමට තැත් කළ මෙම සාපරාධී ක්‍රියාව පිළිබඳව මෙහිදී අවධාරණය කෙරේ.


