රෂිකා හෙන්නායක අගෝස්තු 14 , කොළඹ LNW :
ශ්‍රී ලංකා රජය විසින් වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධි භාරය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
මුලින් අගෝස්තු 15 වනදා දක්වා ක්‍රියාත්මක වීමට තිබූ මෙම බදු පැනවීම, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එළඹෙන දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වන පරිදි සංශෝධනය කර තිබේ.
කෙසේ වෙතත්, මෙම තීරණය මැයි මස 15 වැනි දිනට පෙර ණයවර ලිපි (LC) විවෘත කරන ලද වාහන ආනයනයන් සඳහා බලපෑමක් ඇති නොකරයි.
රේගු ආඥා පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම කාලය දීර්ඝ කිරීම සිදු කර ඇති බව මින් පැහැදිලි වේ.
මෙම පියවර හරහා වාහන ආනයන ක්ෂේත්‍රයේ බදු ප්‍රතිපත්තිය වසර අවසානය දක්වා ස්ථාවරව පවත්වා ගැනීමට රජය අපේක්ෂා කරයි.


