ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා – ජපාන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කෙරේ.

රෂිකා හෙන්නායක අගෝස්තු 14 , කොළඹ LNW


ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂොහෙයි මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ GovTech සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෙන්ම JICA ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත ෂිගෙකි හොන්සු මහතා ද සහභාගී වූහ.


මෙහිදී ප්‍රමුඛතා ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. විශේෂයෙන්ම ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කිරීම සහ එහි පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාව ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම, දේශීය කර්මාන්ත නංවාලීම සහ ආනයන මත රඳා පැවැත්ම අවම කිරීම අරමුණු කරගනිමින්, ඩිජිටල් සංඥා ලබාගැනීමට අවශ්‍ය Set-Top Boxes දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.


ඊට අමතරව, ශ්‍රී ලංකාවේ අනාගත කෘතිම බුද්ධි (AI) යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් (National AI Data Centre) පිහිටුවීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා විය. ඊට සමගාමීව ධාරිතා සංවර්ධන වැඩසටහන්, පුහුණු කිරීම්, ශ්‍රී ලංකාවට ගැලපෙන AI විසඳුම් නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර තාක්ෂණික දැනුම හා හොඳම ප්‍රායෝගික භාවිතයන් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.


JICA ආයතනය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන තාක්ෂණික සහයෝගීතාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ඇගයීමට ලක් වූ අතර, ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් මෙම ව්‍යාපෘතීන් සාර්ථකව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යතුමන් අවධාරනය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...