පොලිස්පතිගේ මීළඟ ඉලක්කය…

රෂිකා හෙන්නායක අගෝස්තු 15 , කොළඹ LNW :

විදේශ රටවල සැඟව සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීමට පොලිසිය ගෙන යන දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේ, ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් 73 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත්, තවත් සැකකරුවන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවත්ය.

ශ්‍රී ලංකා පොලිසියේ මෙම විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට ජාත්‍යන්තර සහයෝගය සහ රාජ්‍ය තාන්ත්‍රික ඇගයීම ඉහළින්ම ලැබී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කරයි.

මෙම මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන්ට ආධාර දුන් පිරිස් කැළඹී සිටින අතර, කිසිදු දේශපාලන බලපෑමකට හෝ අභියෝගයකට තමා පසුබට නොවන බව පොලිස්පතිවරයා අවධාරණය කර සිටී.

ජනතාවට අසාධාරණයක් නොකළ බැවින් තමාට රටේ ඕනෑම තැනක නිදහසේ ගමන් කිරීමට බියක් නොමැති බවත්, සැබෑ බියක් පැවතිය යුත්තේ ජනතාව මුළා කළ දේශපාලනඥයන්ට බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙය අපරාධ මර්දනය උදෙසා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතු ශක්තිමත් සහ ස්වාධීන කැපවීම පිළිබිඹු කරන අවස්ථාවකි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසූවේ,

”තවත් රතු වරෙන්තුකරුවන් 73ක් විතර ගේන්න ඉන්නවා. තවත් සීයකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපිට හොඳ ජාත්‍යන්තර සහයෝගයක් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපි කරන වැඩපිළිවෙලවල්වල විනිවිදභාවය සහ ඒ සම්බන්ධයෙන් අපිට දක්වලා තියෙන ප්‍රගතිය විදේශ තානාපති කාර්යාලවල, රටවල්වල විශේෂ ඇගයීමකට ලක් කරලා තියෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...