රෂිකා හෙන්නායක අගෝස්තු 15 , කොළඹ LNW :
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා මීගමුව බන්ධනාගාරයේත්, මීගමුව පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේත්, හා වාරියපොල බන්ධනාගාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
විශේෂයෙන්ම පසුගියදා ජනාධිපති අනුර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ද අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතාගේත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේත් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන්ගේද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ද බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් යුතුව සාකච්ඡාවක් පවත්වන ලද අතර එහිදී බන්ධනාගාරවල තත්ත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ රාශියක් ගන්නා ලදී. ඒ අනුව බන්ධනාගාර නිරීක්ෂණය කොට පවත්නා ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ගැනීමට තීරණය කරන ලදී.
ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා 2026/08/15 වන අද දින බන්ධනාගාරවල නිරීක්ෂණ කටයුතු සිදු කරනලදී.
ඒ අනුව මීගමුව බන්ධනාගාරයේත්, මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේත් හා වාරියපොළ බන්ධනාගාරයේත් සිටින රැඳවියන්ගේ අඩුපාඩු සොයා බලන ලදී. විශේෂයෙන්ම ඉඩ පහසුකම් පිළිබඳ ගැටලු විසඳීම සම්බන්ධයෙන්ද සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා ගැටලු පිළිබඳවද බන්ධනාගාර රෝහලේ පහසුකම් වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා නිරීක්ෂණය කරන ලදී
විශේෂයෙන්ම සියලුම රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදෙන ලදී.


