ගම්මන්පිල හෙළි කළ රහස

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මාධ්‍ය වැඩසටහනකට  සහභාගීවෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හෙලිදරව් කර සිටියේ, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රංශ රජය විසින්  යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි ගම්මන්පිල මහතා පවසන්නේ ,

“මේ ප්‍රථම වතාවටයි හෙළිකරන්නේ, කිසිදු මාධ්‍යක මේක පළ නොවුණු කාරණයක්. ප්‍රංශය ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රංශයේ නාවික පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුළ ඇති කරන්න. නාවික හමුදාව ඒකට සම්පූර්ණ එකඟතාවය පළකරලා තියෙනවා. බුද්ධි අංශ නම් කියලා තියෙනවා මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ප්‍රංශය කියන්නේ ජාත්‍යන්තර යුද දේශපාලනයේ අමෙරිකානු සඟයෙක්. අමෙරිකාව ලංකාවට එන්න හැදුවා ඔබට මතකයි 2016 දී යෝජනා තුනක් ආවා.”

“අමෙරිකාව විදියට ඇවිත් කරගන්න බැරි වුණ දේ වෙස්මුණු බැඳගෙන ඇවිත් කරනවා ද? අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ වෙස්මුණු බැඳන් ආවත් නෑ අපි රැවටෙන්නේ කියලා. මම කියනවාට මේක විශ්වාස කරන්න එපා. මේ කියන කතාවල ඇත්ත නැත්ත හොයා බලන්න. එතකොට ජනතාවට තීරණය කරන්න පුළුවන් ගම්මන්පිල බොරු බිල්ලෝ මවනවා ද? නැත්නම් ඇත්ත බිල්ලා ගැන අනතුරු ඇඟවීමක් කරනවා ද කියලා.”

ලෙස මන්ත්‍රීවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...