දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කළේ විදෙස් ආයෝජන වෙනුවෙන්ද?

Date:

විදෙස් ගත දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කරනු ලැබුවේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොවන බව අමාත්‍ය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (16)ක් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ තිබෙන්නේ 1968අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ විධි විධානවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර සම්මතයන්ට අනුව ත්‍රස්තවාදී සහ ත්‍රස්තවාදී නොවන සංවිධාන ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කිරීම හා ඉවත් කිරීමේ කටයුත්ත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පසුගිය කාලය තුළ තහනම් කර තිබුණු ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව ගුණවර්ධන මහතා කියාසිටියේය.

ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය,ගෝලීය දෙමළ සංසදය,ලෝක ද්‍රවිඩ සම්බන්ධිකරණ කමිටුව,ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය,කැනේඩියානු දෙමළ කොංග්‍රසය හා බ්‍රිතාන්‍ය දෙමළ සංසදය එලෙස තහනම ඉවත් කරන ලද සංවිධාන වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...