සමහර දේවල් කරන්න ගියාම අවදානමක් ගන්නම වෙනවා – ටිල්වින් සිල්වා

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුවක් වශයෙන් හොඳ දෙයක් කිරීමට උත්සාහ කරද්දී ඊට ප්‍රතිවිරෝධයක් ද ඇතැම් පාර්ශ්ව වෙතින් පැමිණෙන නමුත් එම ප්‍රතිවිරෝධය තේරුම්ගෙන හොඳ දේ සඳහා ධෛර්යමත්ව මැදිහත් වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“අපේ ආණ්ඩුව දැන් අපහසුකම් මධ්‍යයේ වුණත් පොදු ප්‍රවාහනය දියුණු කරන්න අලුත් බස් සමාගමක් ලියාපදිංචි කරලා, මෙට්‍රෝ බස් කම්පැණියක් ඇරලා, මෙට්‍රෝ බස් ගෙනල්ලා – ඒවා ලස්සනයි – දුවන්න පටන් ගත්තානෙ. දැන් මේක දුවලා, මිනිස්සු මේකට පුරුදුවෙනකොට ඒකෙන් අවාසියක් වෙන පිරිසක් ඉන්නවා. බස් මාෆියාව. ඊටපස්සෙ ඒගොල්ලො මොකද කරන්නෙ, ඒගොල්ලො මේකට විරෝධය පළකරනවා. අර ඒකෙ එක්කෙනෙක් මේ ළඟදී කියලා තිබුණෙ මේක ඇවිල්ලා අපිට හරියන්නෙ නෑ, මේක යුරෝපයට නම් හරියනවා කියලා. ඒ කියන්නෙ අපි හැමතිස්සෙම ලොරිවල යන්න ඕනෙ ? මත්ද්‍රව්‍ය නතර කරන්න ගියාම, ඒකෙත් තැනකට ගියාට පස්සෙ මත්ද්‍රව්‍ය වලින් ජීවත්වෙන අය විරෝධයක් පළකරනවා. ඔය සමහර හිරගෙවල්වලින් එන විරෝධය අස්සෙත් ඒක කිසියම් ප්‍රමාණයකට ගැබ්වෙලා තියෙනවා. පාතාලය මර්දනය කරන්න ගියාමත් පාතාලයෙන් හම්බකරගත්ත කට්ටිය ඒකට කැමති වෙන්නෙ නැහැ. අපි රාජ්‍ය සේවය පිළිවෙලක් කරන්න ගියාම අපිළිවෙලට ජීවත් වෙච්ච අය කැමති වෙන්නෙ නැහැ පිළිවෙලක් වෙනවාට. වංචාව දූෂණය නතර කරන්න ගියාමත් වංචාවෙන් දූෂණයෙන් ජීවත් වෙන අය ඒකට කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා හැමතිස්සෙම අපි හොඳ දෙයක් කරන්න ගියාම ඒකට පොඩි ප්‍රතිවිරෝධයක් බාධාවක් එනවා. හැබැයි අපේ වගකීම මොකක්ද, මේ ප්‍රතිවිරෝධය තේරුම් අරගෙන මේ හොඳ දේ සඳහා ධෛර්යයෙන් මැදිහත් වෙන්න ඕනෙ. සමහර දේවල් කරන්න ගියාම අවදානමක් ගන්නම වෙනවා. ඒ නිසා හොඳ දේ සඳහා අවදානමක් ගන්න වෙනවා නම් ඒ අවදානම අරගෙන හොඳ දේ කරන එක තමයි වැඩේ”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹ පදනම් ආයතනයේදී පැවති ෆිදෙල් කැස්ත්‍රෝ ගුණසමරු උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...