සයිනොපෙක් ඉන්ධන මෙහෙයුම් සහ මිල ගැන ප්‍රකාශයක්

සයිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වනදා සිට තමන්ගේ සන්නාමය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“SINOPEC ආයතනය දන්වලා තියෙනවා, අද උදෑසන වන විට ඔවුන්ගේ තියෙන බෙදුම්කරුවන් 150 න් 109 ක් එක්ක ගිවිසුම්ගත වෙලා අවසන් කියලා. අද හවස අවසන් වෙන කොට මම හිතනවා 115ක් විතර වෙයි. ලබන සතිය වෙනකොට 150 ම අවසන් කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.

ඔවුන් අපිට දැනට දැනුවත් කරලා තියෙනවා, සැප්තැම්බර් 20 ඔවුන් සියලුම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න තමයි දින වකවානු වෙන්කරගෙන තියෙන්නේ කියලා”

එසේම දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට එම සමාගමට අවසර දී ඇති බවද අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...