ජාතික ජන බලවේගයේ ශ්‍රේෂ්ඨ ආණ්ඩුව විසින් විපක්ෂයේ දේශපාලනය අවසන් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
“දේශපාලනික වශයෙන් අවදානම පැත්තකට දාලා තමයි මේ උතුම් ව්‍යාපාරයත් එක්ක අපි සම්බන්ධ වුණේ. අපි හදපු මේ ශ්‍රේෂ්ඨ ආණ්ඩුවේ, මහජන ආණ්ඩුවේ ශක්තියෙන් අපි විපක්ෂයට මොකද කරලා තියෙන්නෙ ? අරගෙන පාර්ලිමේන්තුවේ පුටු ටිකට තියලා හේත්තු කරලා, සීල් තියලා ගහලා ඉවරයි. ආයෙ දේශපාලනයක් නැහැ ඔවුන්ට”
අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ හම්බන්තොට දිස්ත්‍රික් හමුව අමතමිනි.


