සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දකුණු කොරියාව සමඟ අගෝස්තු 17-27 පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ හමුදා අභ්‍යාස සැලකිය යුතු ලෙස අඩු කරන ලෙස නියෝග කර තිබේ.
මෙය සිදුවන්නේ ජනධිපති ට්‍රම්ප් විසින් ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් ඉවත් කිරීමේ ඇමෙරිකානු ප්‍රයත්නයට එක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමත් උතුරු කොරියාව මෑතකදී බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් යළි ආරම්භ කිරීමත් සමඟය.
ඉරානය සම්බන්ධයෙන් දකුණු කොරියාවේ ස්ථාවරය ගැන ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය හරහා දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර ජනධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ, දකුණු කොරියාව සමඟ පැවැත්වෙන යුද අභ්‍යාස අධික වියදමක් දැරීමට සිදුවන බවත්, උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ තමන්ට පවතින්නේ “ඉතා හොඳ සබඳතාවක්” බවත්, මෙම යුධ අභ්‍යාස උතුරු කොරියාවට “සතුරු” සංඥාවක් ලබාදෙන බවත් ය.
මේවන විට රුසියා–යුක්‍රේන යුද්ධයට උතුරු කොරියාවේ සහාය හේතුවෙන් එරට හමුදාවට නවීන යුද අත්දැකීම් ලැබී ඇති බව ඇමෙරිකානු හා දකුණු කොරියානු ආරක්ෂක නිලධාරීන් පෙන්වා දී ඇඨ්හි අතර ජනධිපති ට්‍රම්ප්ගේ නව තීරණය ඉරාන යුද්ධය, දකුණු කොරියාවේ ඇමෙරිකානු ආරක්ෂක භූමිකාව සහ උතුරු කොරියාව සමඟ ට්‍රම්ප්ගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව එකිනෙකට සම්බන්ධ කරන වැදගත් භූ-දේශපාලනික පියවරක් ලෙසයි ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,

