ශිරාන් බාසික්ට දින 90ක රැඳවුම් නියෝග..

රෂිකා හෙන්නායක අගෝස්තු 17 , කොළඹ LNW :

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටදී අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

මොහු 2018 වසරේ සිට ඩුබායිහි සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති අතර, එහිදී සිදුවූ විශේෂ පරීක්ෂාවකදී ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ සංවේදී දර්ශන කිහිපයක් හේතුවෙන් එරට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් මොහුට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සූදානම්ව සිටි පසුබිමක, පසුගිය 14 වනදා කටුනායක ගුවන්තොටුපළේදී මොහු නීතියේ රැහැනට හසු විය.

දැනට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන සැකකරුගෙන් ඔහුගේ ජාත්‍යන්තර සබඳතා සහ අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

මෙම සම්පූර්ණ විමර්ශන කටයුතු උසස් පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...