එල් – නිනෝ තත්ත්වය ‘90% ක’ මට්ටමක් දක්වා වර්ධනය වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 17 , කොළඹ LNW :

මෙම වසරේ අවසානය වන විට වර්ධනය වන එල් – නිනෝ තත්ත්වය ‘ඉතා ප්‍රබල’ මට්ටමක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව 90% ක් වැනි ඉහළ අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දත්ත මගින් තහවුරු වේ. මෙතරම් ඉහළ සම්භාවිතාවක් යනු කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ජල කළමනාකරණය වැනි ක්ෂේත්‍ර අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි පියවර අවශ්‍ය කරන හදිසි තත්ත්වයකි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මෙම අවදානම පිළිබඳව මෙසේ අදහස් දක්වයි..

“මේ එල් – නිනෝ තත්ත්වය ක්‍රම ක්‍රමයෛන් වර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අගවන විට ඉතා ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 90%කට වඩා වැඩි කියලා ගෝලීය පුරෝකතන පෙන්වා දෙන්නේ.”

මෙවර කාලගුණික පුරෝකථනයන්හි පවතින වඩාත්ම තීරණාත්මක කාරණය වන්නේ එහි ඓතිහාසික බරපතලකමයි. 1950 වසරෙන් පසුව, එනම් පසුගිය වසර 75 ක ඉතිහාසය තුළ වාර්තා වූ සියලුම එල් – නිනෝ තත්ත්වයන් අභිබවා යමින්, මෙය ප්‍රබලතම සංසිද්ධිය වීමේ සම්භාවිතාව 70% ක් ලෙස ගණන් බලා ඇත. මෙමගින් ගම්‍ය වන්නේ වත්මන් පරම්පරාව මෙතෙක් අත්විඳ නොමැති මට්ටමේ කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමේ සැබෑ අවදානමකට ශ්‍රී ලංකාව මැදිවී ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඔවුන් යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල මට්ටම මේ වන විට 37% ක මට්ටමකට ඇද වැටී තිබේ. වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එන්.පී.එස්.ඩී. හේරත් මහතා පෙන්වා දෙන පරිදි, පවතින ජල ප්‍රමාණයෙන් යල කන්නය අවසන් කිරීමට අපේක්ෂා කළද, එය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලැබෙන වර්ෂාපතනය මතය.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසන්නේ වියළි කාලගුණය මධ්‍යයේ වුවද තම පිරිපහදු මධ්‍යස්ථාන 100% ක උපරිම ධාරිතාවයෙන් ජල සැපයුම සිදු කරන බවයි.

කෙසේ වෙතත්,ජල මණ්ඩලය සියයට සියයක සැපයුමක් පවත්වා ගත්තද, එම ජලය ලබා ගන්නා ප්‍රභවයන් වන වාරි ජලාශවල මට්ටම 56% ට වඩා අඩු අගයක් ගනිමින් පවතී. ජල ප්‍රභවයන් සිඳී යන පසුබිමක පවත්වාගෙන යන මෙම ‘100% සැපයුම’ අතිශය බිඳෙනසුලු තත්ත්වයකි. සම්පත් ශීඝ්‍රයෙන් ක්ෂය වෙද්දී සැපයුම නොවෙනස්ව පවත්වා ගැනීම දිගුකාලීන විසඳුමක් නොවන අතර, නියඟය දැඩි වුවහොත් මෙම ස්ථාවරත්වය ඕනෑම මොහොතක බිඳ වැටිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...