පළාත් රගර්වලටත් නිපොන් රැකවරණය

Date:

අගෝස්තු 21 වන දා දකුණු පළාතෙන් ඇරඹෙන දකුණු පළාත් කාන්තා රගර් තරගාවලියේ සිට සැප්තැම්බර් 17 වන දා පැවත්වීමට නියමිත අන්තර් විහ්ව විද්‍යාල කාන්තා ටැප රගර් තරගාවලිය දක්වා වන පළාත් තරගාවලි හතරක් සඳහා නිපොන් පේන්ට් අනුග්‍රහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රගර් සමඟ එක්ව සිටියි.ඒ සම්බන්ධ ගිවිසුම අගෝස්තු 17 වන දා නිපොන් පේන්ට් සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ සහ ශ්‍රී ලංකා රගර් පරිපාලනයේ සභාපති රිස්වි ඉල්ලියාස් අතරේ අත්සන් තැබුණා.
නිපොන් ශ්‍රී ලංකා රගර් විසින් රගර් අභිවෘද්ධිය සමබන්ධයෙන් සිතා, ප්‍රචාරණය සහ තරග අනුග්‍රහය සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය දෙකොටසකට සැළකීමට තීරණය කළ අවස්ථාවේ හිටපු අනුගාහකයන් “අද නොවේ හෙට” න්‍යායෙන් කර අරිමින් සිටියදී ජාතික වගකීමක් සේ සළකා නිපොන් සිය සුහද අනුග්‍රාහ දෑත ශ්‍රී ලංකා රගර් වෙත දිගු කරන්නට ඉදිරිපත් විය.එහි දිගුවක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් වෙනුවෙන් ද ප්‍රධාන අනුග්‍රහය සමඟින් නිපොන් රැදී සිටි අතර ඒ සඳහා වූ අපූර්ව සූදානමේ ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා රගර් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදි හොඳම දක්ෂතාවය දැක් වූ අවස්ථාව දක්වා ඉදිරියට පැමිණියේය.
එම ආදරයේ තවත් දිගුවක් ලෙස මෙවර රග්ර් ක්‍රීඩාවේ වැඩි අවධානයකට ලක් නොවූ අංශයන් කිහිපයකට රැකවරණය දෙමින් රගර් ව්‍යාප්තියට සහ සමාජ ආකර්ශණයට ලක් කිරිමේ තරගාවලි හතරකට අනුග්‍රහය දැක්වීමට නිපොන් පේන්ට් ඉදිරිපත් වී ඇත.පහත දැක්වෙන්නේ එම තරගාවලි හතර සහ පැවත්වෙන දිනයන් සහ ස්ථානයන්ය.

2022 අගෝස්තු 21 – දකුණු පළාත – අන්තර් සමාජ කාන්තා රග්බි 7 තරඟාවලිය – ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේදී

2022 සැප්තැම්බර් 10 – මධ්‍යම පළාත – අන්තර් පාසල් 12/14 න් පහළ රග්බි තරඟාවලිය – මහනුවර නිත්තවේල්ස් හිදී

2022 සැප්තැම්බර් 11 – බස්නාහිර පළාත – අන්තර් සමාජ 7s තරඟාවලිය, කොළඹ 5, පොලිස් උද්‍යානයේ දී

2022 සැප්තැම්බර් 17 – බස්නාහිර පළාත් අන්තර් විශ්වවිද්‍යාල කාන්තා ටැග් රග්බි තරගාවලිය කොළඹ 7, ලෝන්ග්ඩන් පෙදෙසේ CR & FC පිටියේදී

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...