පැනමා ගමන සහතිකයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 22, (LNW) කොළඹ :

අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට එම සංචාරය සඳහා අවශ්‍යය මුදල් ප්‍රතිපාදන ලබා දීමට එකඟතාවය පළ වී ඇති බව වාර්තා වෙයි.මේ මොහොත වන විට ක්‍රීඩා අමාත්‍ය ධූරය හිස්ව පවතින අතර එහි වගකීම පැවරී ඇත්තේ ජනාධිපතිවරයාටය.ජනාධිපතිවරණය නිසා අමාත්‍ය පදවිය පිරිනැමීම ගැටළුකාරී තත්ත්වයක්ව පවතින අතර එයින් යම් අයෙකුට අසාධාරණයක් සිඳු වුවහොත් එය ජනාධිපතිවරණයේ ඉදිරි ගමණ කෙරෙහි බලපෑමක් වේය යන දේශපාලනික ගැටළුව ද එහිදී යම් දුරකට බලපෑමක් ඇති කරන්නේය.


මේ තත්ත්වය මත මෙම ගැටළුව ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ සාකච්ඡා කළ බව අපි මීට පෙර සඳහන් කළෙමු.මේ ආකාරයට පළමු මොහොතේ වැඩිදුර සොයා බැලීමක් නොමැතිව,රටේ මලල ක්‍රීඩාවේ අනාගතයට කෙතරම් වැදගත් ද යන්නවත් නොසළකා,අවශ්‍යය ප්‍රතිපාදන ලබා දීමට කිසිඳු උත්සාහයක් නොගෙන ක්‍රීඩා අමාත්‍යංශය පිළිතුරු ලෙස මලල ක්‍රීඩා සංගමයට දන්වා තිබුණේ සංචාරය සඳහා මුදල් ලබා දිය නොහැකි බවයි.

දේශපාලනය නොමැතිව සිඳුවන පරිපාලනයකදි ඇති විය හැකි අගතිතාමී තත්ත්වයන් ගැන සහතිකයක් ලැබෙන පරිදි අමාත්‍යංශය හරහා ලැබුණු මේ පිළිතුර,මේ වන විට දේශපාලනික තීරණ මත වෙනස් වී ඇති අතර තීරණ සඳහා දේශපාලකයා මෙහෙයවීම සහ යෝජනා කිරීම වෙනුවට නිලධාරියා හුරු වී ඇත්තේ දේශපාලන පෙළඹවීමක් නැතිව කිසිවක් සිඳු නොකිරීමටය.නිලධාරි මට්ටමෙන් දේශපාලිකයාට කරුණු අවබෝධ කර දී,ඉතිහාසයේ වැඩිම පිරිසක් සුදුසුක්ම ලැබූ අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය මෙය බවත්,එහි ඇතැම් ඉසව් ලෝක මට්ටමෙන් පදක්කමක් දිනා ගැනීමට හැකි මට්ටමට පවතින බවත් පෙන්වා දී දේශපාලකයාට මෙහි වැදගත්කම කියා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ ක්‍රියාවලියකට නිලධාරීන් පිවිසියේ නැත.

ඔවුන් ඉතා සරලව මේ ඓතිහාසික අවස්ථාව බැහැර කරමින් අත පිස දමා ගෙන තිබිණි.දැන් නැවතත් දේශපාලනය විසින් ඇති කරන ලද පෙළඹීම හරහා මේ මුදල් මලල ක්‍රීඩා කණ්ඩායමට ලැබෙමින් පවතින්නේ දේශපාලනය වෙනස් කිරීම සඳහා දේශපාලකයා වෙනස් කිරීමේ උත්සාහය තරමට ජනතා වගකීමක් ලෙස රාජ්‍ය සේවය ද පුරවැසි අවශ්‍යයතා සම්බන්ධයෙන් මීට වඩා සංවේදී තැනකට වෙනස් කළ යුතු බවය.


අපි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට සුබ පතමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...