නුවර පෙරහැරේ අලි දෙදෙනෙකු කුලප්පු වීමෙන් නොසන්සුන්තාවක්. පිරිසක් වැවට පැනලා ! (VIDEO)

Date:

මහනුවර ඇසල පෙරහැරේ දෙවන කුඹල් පෙරහැර ඊයේ (22) වීථි සංචාරය කරන අතරතුර අලින් දෙදෙනෙකු කුලප්පු වීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව තිබිණි.

අලින් දෙදෙනා කුලප්පු වීමත් සමග පෙරහැර නරඹමින් සිටි පිරිස බියට පත්ව හිස් ලූ ලූ අත දිවයාමට පටන් ගත් අතර වැව රවුමේ සිට පෙරහැර නරඹමින් සිටි පිරිසක් වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් එක්ව ඔවුන්ට බේරාගනු ලැබිණි.

කුලප්පු වූ අලින් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගිය අතර එක් අලියකු රැජින හෝටලයේ කොරිඩෝවට කඩාවැදී කලබල කළ අවස්ථාවේදී ඇත්ගොව්වන් පිරිසක් එක්ව දැඩි ප්‍රයත්නයකින් පසුව එම අලියා බැඳ දැමීමට කටයුතු කරනු දක්නට ලැබිණි.

කලබල වූ අලින් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහැර අඛණ්ඩව වීථි සංචාරය කරවීමට කටයුතු කෙරිණි.

සමාජ මාධ්‍ය තුළ පළවූ එහි වීඩියෝ කිහිපයක් පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...