*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ජනපති ජංගම සේවය යළි ආරම්භ කරනවා – සජිත් ප්‍රේමදාස (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරයා ඇතුළු රජය තමන්ගේ සුඛවිහරණය උදෙසා බංකොලොත් රටේ ජාතික සම්පත් හා දේපල අවභාවිත කරමින් ජනතා විරෝධී රාජ්‍ය පාලනයක් මේ මොහොතේ ක්‍රියාත්මක කරන බවත් මමත්වය රජයන යුගයක තමන්ගේ තනතුරු රැක ගැනීමට කළ හැකි උපරිම කූඨ උපක්‍රම යොදවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් විධායක ජනාධිපති බලතල නින්දිත ලෙස යොදා ගෙන ඔවුන්ගේ දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ කරන මේ අධම යුගය පරාජය කර පොදුජන යුගයක් කරා ගෙන යාමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම දේශපාලන ක්ෂේත්‍රයේ ඔලුගෙඩි හුවමාරු වන බවත් මුදලට කොමිස්වලට වරදාන වරප්‍රසාදවලට වයින් ස්ටෝර්ස්වලට ආත්මය පාවා දෙන පහත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක වන මොහොතක තමා ඇතුළු පිරිස ගත් තීන්දුව ගැන සතුටු වන බවත් එහි දි නොයෙකුත් බලපෑම පැමිණි බවත් රජයේ තනතුරු ගන්නැයි කිියා ඇවිටිලි කළත් රට විනාශ කළ හොරුන් සමග නොව ලක්ෂ 220 ජනතාව සමග එකට සිට ගැනීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ පිරිස තීරණය කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අද තමා ගත් තීන්දුව නිිවැරදි බවට ඔප්පු වී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල විනිසුරුවන් විසින්, පළාත් පාලන මැතිවරණ පැවැත්වීම වැළැක්වීමට රජය ගත් සියලුම ක්‍රියාදාම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දු කළ බවත් හිතුවක්කාර කටයුතු හා නීතිවිරෝධි කටයුතුවලට වගකිව යුත්තේ ජනාධිපතිවරයා බවත් ඔහු මුදල් ඇමතිවරයා ලෙස මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කළ බවත් මෙවැනි උත්තරීතර නීති කඩ කරණ රට වෙන්දේසි ලන්තයක් කරන පාලකයෙක් සමග එකට සිටගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මොරටුව සොයිසාපුර ක්‍රීඩාංගණයේදී පැවැති සමගි ජනබලවේගයේ ජන පවුර රැලිය අමතමිනි.

එසේම තව දින කිහිපයකින් පොදුජනතාවගේ යුගය සමගි ජන බලවේගය විසින් බිහි කරන බවත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ඉදිිරිපත් වන්නේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ අයකු ලෙස බවත් ජනතාවගේ ඡන්ද අයිතිය නැති කරන්න කටයුතු කළ මේ අයට අනාගතයේ දීත් අධිකරණය හමුවේ පෙනි සිටිමට සිදුවන බවත් මොවුන්ගෙන් මේ රටේ ජනතාවට වන්දි ලැබිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ ප්‍රෝඩාකාරී වංචාකාරි ජනතාව අන්දවන රට විනාශ කළ මන්ත්‍රීවරුන්ගේ වරමින් පත්වූ මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ජනතාවගේ දුක හඳුනන පාලනයක් ගෙන ඒමට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

ලක්ෂ 220 ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරණ බවත් ජනතා ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ජංගම සේවාව ආරම්භ කරන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා රටේ බහුතරයක් ජනතාව මේ වන විට ජීවත් වීමේ අරගලයක මුහුණ දී ඇති බවත් තමා ජනාධිපති වූ පසු යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සැමට සෞභාග්‍යය ගෙන එන මාතෘ භූමියක් නිර්මාණය කරන බවත් ප්‍රකාශ කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan