දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති විශාල ප්‍රමාණයක් අක්‍රිය වෙලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දුම්රිය මාර්ග හා සංඥා උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා සඳහන් කළේ, 2017 වසරේ ස්ථාපිත කළ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිවලින් වැඩි සංඛ්‍යාවක් දරුණු රිය අනතුරු සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අක්‍රීය වී ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා ,

“දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති කියල කියන පද්ධතිවල දෙසීයකින් 94ක් ක්‍රියා විරහිතයි කියන වාර්තාවක් තිබුණා. ඒකෙන් රුපියල් මිලියන පන්සියයක අලාභයක් වෙලා තියෙනවා කියලා. මේ පද්ධතිය සවිකරේ ඇත්තටම 2017 දී. මේක අවුරුදු දෙකක් හෝ දෙකට වැඩි ගාණක් තුළ සවිකරපු පද්ධති ප්‍රමාණයක්. හැබැයි ඊට පස්සේ තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. එදා 94ක් ලෙස සඳහන් වෙච්ච පද්ධතිවලින් දැන් පද්ධති 47ක් වගේ යම් තත්ත්වයකට අපි දියුණු කරගෙන තියෙනවා. ඒ කියන්නේ බිඳවැටුණු පද්ධති 47ක් වගේ තමයි තියෙන්නේ. ඒකෙන් පද්ධති 20ක් විතර තියෙනවා අපේ සංඛ්‍යා ලේඛනවලට අනුව තදබල මාර්ග අනතුරු හින්දා හානිවෙච්ච පද්ධති. ඒ වගේම ගංවතුර නිසා හානිවෙච්ච පද්ධති. ඒවා නිවැරදි කරන්න යම්කිසි කාලයක් ගතවෙනවා. ඒවාට අවශ්‍ය කරන බඩු ඇණවුම් කරලා තියෙනවා. ඒවා ගෙන්න ගන්න අවශ්‍යයයි. ඒ වගේම පද්ධති තවත් 27ක් අපි අඳුනාගෙන තියෙනවා.ඒවා උපාංග ලැබුණ වහාම නිවැරදි කරගන්න පුළුවන් තත්ත්වයන්. දැනට ඒ පද්ධති 94ක් කියලා හඳුනාගත්තා. දෝෂ සහිත පද්ධතිවලින් විශාල ප්‍රමාණයක් නිවැරදි කරලා තියෙනවා. ප්‍රධාන හේතුව වුණේ බැටරි අක්‍රීය වීම.”

යනුවෙන් ඒ මහතා පැහැදිලි කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...