ආශු මාරසිංහ ළඟදීම ලොක්කාටත් ලොකූම උදව්වක් කරන ලකුණු …

Date:

මහාචාර්ය ආශු මාරසිංහ පහුගිය ටිකේ සෑහෙන්න ප්‍රසිද්ධ වුණේ සුනඛ ගනුදෙනුවක් නිසා. ඒ කියන්නේ, කිසිම වැඩක් හරියට කරගන්න නොදන්න ඔය හාදයා වැරදියට පටළාගත්තු ස්ත්‍රී ගනුදෙනුවක් අන්තිමේ කෙළවර වුණේ සුනඛ ගනුදෙනුවකින් හත්පොළේ ගාගෙන කියලා කාටත් මතක ඇතිනෙ.

දැන් නිකම් යූඑන්පී එකේ අයිතිකාරයෙක් වගේ පෙනී හිටියාට ආශු කියන්නේ විමල් වීරවංශ නිවාස හා ඉදිකිරීම් ඇමති කාලේ විමල් යටතේ තිබුණු ඉංජිනේරු සංස්ථාවේ සභාපති හැටියට ඉඳිමින් විමල්ගේ ගැහිලිවලටත් හවුල් වෙච්චි ඩයල් එකක්. පස්සෙ කාලෙක එයා මොකුත් නොදන්නවා වගේ ඇවිත් යූඑන්පී එකට ප්ලග් වුණා. මහාචාර්යකම නිසා කාලෙකදි පොරක් වුණා.

සජිත්ලාත් පක්ෂයෙන් අයින් වෙලා ගිහින්, යූඑන්පී එක හොඳටම වැටිලා තිබුණු වෙලාවේ පවා පක්ෂය අත්හැර නොගිය මීඩියා, සෝෂල් මීඩියා ක්‍රියාකාරිකයින් සුළු පිරිසකුත් සිරිකොතේ හිටියා. ඒ අයට පක්ෂය එපාම කෙරෙව්වේ ඔය මහාචාර්ය ආශු කියලා තමයි ආරංචි. දැන් ඒ සමහරු සිරිකොත පැත්ත බලාගෙන බත් කටක්වත් කන්නෙ නැති ගාණටම ගිහින්. කෙළම වෙච්චි වෙලාවකත් ඉතුරු වෙච්චි කීපදෙනා හරි එළවා ගන්න ජාතියේ කෙරුවාවල් තමා ආශුට පුළුවන්.

මේ ටික මතක් කළේ වෙන කතාවක් කියන්න. මෑතක ඉඳන් ආශු, ලොක්කාගෙ කාර්යාලයේම ඉන්න පිරිසකටත් පට්ටම ඇනයක් වෙලා ලු. ලොක්කා වෙනුවෙන් බොහොම වැදගත් වැඩ කොටසක් කරන ඒ කට්ටියටත් දැන් ආශු වැඩක් කරන්න දෙන්නෙම නැති සයිස් ලු. ආශුගේ කෙරුවාවේ හැටියට එයාට සුනඛ කතා තමයි හරියන්නේ කියලායි දැන් එයාලාත් කියන්නෙ. මෙහෙම දිගටම ගියොත් මෙයා සෑහෙන උදව්වක් ලොක්කාටත් කරලා තමයි නතර වෙන්නේ කියලාත් දන්නා අය කියනවා ….

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...

සැඟව සිටින සම්පත් මනම්පේරි මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය...