වෙනිසියුලානු ජනාධිපති මදුරෝගේ ගුවන් යානය ඇමරිකාව විසින් අත්අඩංගුවට ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝට අයත් ගුවන් යානයක් එක්සත් ජනපදය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, Falcon 900EX ගුවන් යානය නීතිවිරෝධී ලෙස ඩොලර් මිලියන 13 කට (පවුම් මිලියන 9.8) මිලදී ගෙන රටින් පිටතට ගෙන ආ බවත්, ඩොමිනිකන් ජනරජයේදී අත්අඩංගුවට ගෙන එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට මාරු කර ඇති බවත්, ඊයේ(02)දිනයේදී සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර අසල ලා ඉසබෙලා ගුවන් තොටුපළෙන් පිටත් වී ඉක්මනින් ෆ්ලොරිඩාවේ ෆෝට් ලෝඩර්ඩේල් ගුවන්තොටුපළට පැමිණෙන අවස්ථාවේ එක්සත් ජනපද අපනයන පාලන සහ සම්බාධක නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සැකපිට යානය අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වෙනිසියුලානු රජය ප්‍රකාශ කර තිබුණේ, සිය ජාතියට සිදු වූ මෙම හානිය පිළිසකර කිරීම සඳහා ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන්ට අයිතියක් ඇති බවත්, එක්සත් ජනපදය නීති විරෝධී ලෙස ලොව පුරා බලහත්කාරයෙන් නීති පනවා ඇති බවත්ය.

පසුගියදා පැවති වෙනිසියුලානු මැතිවරණයේදී නිකොලස් මදුරෝ ගේ ජයග්‍රහයන සම්බධයෙන් මැතිවරණ දුෂණ චෝදනා එල්ලාව ඇති අතර ඇමරිකාව ප්‍රමුඛ ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් ද වෙනිසියුලානු රජය විසින් පූර්ණ විනිවිදභාවයක් ඉල්ලා සිටියි.

2020 දී, අධිකරණ දෙපාර්තමේන්තුව මදුරෝ මහතාට සහ වෙනිසියුලානු නිලධාරීන් 14 දෙනෙකුට මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදය, දූෂණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු වෙනත් චෝදනාවලට චෝදනා කර ඇති අතර මදුරෝ මහතා අත්අඩංගුවට ගැනීමට හෝ වරදකරු කිරීමට තුඩු දෙන තොරතුරු සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 15ක් දක්වා ත්‍යාගයක් පිරිනමන බවද නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...