දිලිත්ගෙන් වතු කම්කරුවන්ට පොරොන්දුවක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 , කොළඹ (LNW):

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් දක්වා වැඩිකළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමන් සතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මව්බිම ජනතා පක්ෂයේ නායක සහ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (02) සිදුකෙරුණි.

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, වතු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමටනම් වතුකරයේ සාම්ප්‍රදායික දේශපාලන කඳවුරු බිඳ දැමිය යුතු බවය.

“අපි යෝජනා කරන්නේ ලංකාවේ, ප්‍රධානම අපනයනයක් වන තේවලට රජයේ සහයෝගයක් ලබාදිය යුතුයි. වතු සමාගම්වලට දරාගන්න බැරි කොටස රජය විසින් දරාගන්න ඕනේ. ඒ සඳහා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා තේ අපනයනය කරන කොට ඒ ගන්නා ලද ආදායම තේ දළු කඩන දෑතට ඒ ආදායම යන්න ඕනේ. ඒ නිසා අපි යෝජනා කරනවා ඒ වැඩපිළිවෙලක් සහ ඉලක්ක ගත සහනාධාර ක්‍රමයකින් ඔවුන් පවුල්වලට මෙන්න මේ ආදායම ලැබෙනවා කියන ක්‍රමයක්. ඒ නිසා තවදුටත් වතුකරයේ ඒ අහිංසක ජනතාව දේශපාලඥයා පස්සෙන් යන්න ඕනේ නෑ මේ ක්‍රමවේදය තුළ. දේශපාලන පක්ෂ නායකයෝ පස්සෙන් යන ක්‍රමවේදය හදලා තියෙන්නේ ම ඒ දේශපාලනය දුවන්න. ශ්‍රමිකයා බේරගන්න නෙමෙයි. ඒ නිසා වතුකරයේ බලකඳවුරු කඩන්න ඕනේ. නව නායකත්වයක් හදලා. අපිට පොරොන්දු වෙන්න පුළුවන් රු 2,000ක් අනිවාර්යයෙන්ම දෙනවා කියලා.”

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...