දකුණේ ඡන්ද ලක්ෂ ගණනකින් අපි දිනනවා. ඊට එරෙහිවූවන් ලෙස ඔබ හංවඩු ගැහෙන්න එපා – අනුර උතුරේ ජනතාවට කියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයේදී දකුණේ ඡන්ද ලක්ෂ ගණනකින් ජයග්‍රහණය කරන බැවින් එම වෙනසට එරෙහිවූවන් වශයෙන් හංවඩු නොගැසෙන ලෙස අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවට පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය ගෙන ඇති තීරණය ඉහතකී දකුණේ දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ තීරණයට එරෙහි වීමක් බවයි අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ.

“මම දැනගන්න කැමතියි සුමන්දිරන් මහත්තයාගෙන් කාට විරුද්ධවද සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙන්න කියලා ඉල්ලන්නෙ ? දකුණේ දස ලක්ෂ ගාණක ජනතාවක් පෙළගැසිලා ඉන්න වෙනසට විරුද්ධව. සමාජයම ඉල්ලා සිටින්නේ අලුත් පරිවර්තනයක්. මුළු රටටම අවශ්‍ය අලුත් වෙනසක්. ඒ වෙනස වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්න ඕනෙ. දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව එකතුවෙලා ඉන්නවා. මේ රටට අලුත් වෙනසක් ඕනා. උතුරේ ජනතාව පැරණි පාරේ ඉස්සරහට යන්න සහාය දෙන්න ඕනෙද ? මා උතුරේ ජනතාවගෙන් ඉල්ලන්නෙ අලුත් පාර වෙනුවෙන් පැරණි පාර අත්හැරලා එකතුවෙන්න. ඒ නිසා ITAK සංවිධානය ගත්තා යැයි කියන තීන්දුව මේ අලුත් වෙනසට එරෙහි තීන්දුවක්. 2010, 15, 19 රාජපක්ෂලාට එරෙහි තීන්දුවක්. හැබැයි 2024 තීන්දුව වෙනසට විරුද්ධව තීන්දුවක්. විද්වතුන්, මහාචාර්යවරුන් මේ වෙනසට එරෙහි වීමේ තීන්දුව අනුමත කරනවාද ? මා ඉල්ලන්නෙ මේ වෙනසේ කොටස්කරුවන් වෙන්න ඕගොල්ලො. මේ වෙනසට එරෙහි වන්නන් නොවෙන්න. මම අහන්නෙ එකයි, රටේ බහුතර ජනතාවක් වෙනසක් ඉල්ලා තිබියදී යාපනයේ ඔබ විතරක් ඒ වෙනසට විරුද්ධව වැඩ කරන්නේ කොහොමද ? අපි දිනනවා, දකුණේ ලක්ෂ ගණනකින් අපි දිනනවා. හැබැයි ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට මේ යාපනය පත්වෙන්න. එම මහා වෙනසට එරෙහිවූවන් ලෙස ඔබ හංවඩු ගැහෙන්න එපා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (05) යාපනයේදී පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා...

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...