සටහන – පුලී
සැප්තැම්බර් 11, LNW (කොළඹ):ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකර ප්රදේශයේදී නෙදර්ලන්ත සංචාරකයින් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.
ප්රාදේශීය බලධාරීන් පැවසුවේ, බ්රහස්පතින්දා පස්වරු 4.45ට පමණ Graubünden කැන්ටනයේ Less ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
වැඩිහිටියන් 45 දෙනෙකු රැගත් සංචාරක බස් රථය Zernez සිට Susch බලා ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී ඇති බව සඳහන් වේ.
Graubünden කැන්ටනල් පොලිසිය විසින් ෆේස්බුක් වෙත නිකුත් කළ ඡායාරූපවල බස් රථය මාර්ගය අසල තණබිමක පැත්තකට පෙරළී තිබෙන ආකාරය දැක්වේ.
තුවාල ලැබූ 40 දෙනා අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත්, හත්දෙනෙකු මධ්යම මට්ටමේ තුවාල ලබා ඇති බවත්, තවත් 30 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් පොලිසිය සිකුරාදා නිකුත් කළ නිවේදනයක සඳහන් කළේය.
තුවාලකරුවන් ප්රතිකාර සඳහා රෝහල් කිහිපයකට රැගෙන යාම සඳහා ගලවා ගැනීමේ සේවා හතක් සහ ගිලන් රථ 13ක් යොදවා තිබේ.

