මෛත්‍රී, දයාසිරි විතරක් ශ්‍රීලනිපයේ ඉතුරු වෙයිද ? දුමින්දටත් කැබිනට් ඇමති ධුරයක් !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාට කැබිනට් ඇමති ධුරයක් හිමිවීමට නියමිතය. ඒ, මීලඟට සිදුවන කැබිනට් සංශෝධනයේදීයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් ඇමති ධුර බාර ගැනීමට ශ්‍රීලනිපය තීරණය කර තිබූ අතර ඒ සඳහා පසුගියදා පැවති පක්ෂ සංවත්සර උළෙලේදීද අනුමැතිය හිමිව තිබිණි.

කෙසේ නමුත් ඊට එකඟ වූ මන්ත්‍රීවරුන් හය දෙනෙක් පසුගියදා රාජ්‍ය ඇමති ධුර ලබා ගැනීමට කටයුතු කළේය. ඊට පෙර නිමල් සිරිපාල සිල්වා මහතා සහ මහින්ද අමරවීර කැබිනට් ඇමති ධුර බාර ගත්තේය.

පක්ෂයේ තීරණය අනුව තවමත් කටයුතු කරන්නේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණි.

මේ අතර ඉදිරියේදී තවත් කැබිනට් ඇමතිවරුන් 12 දෙනෙකු දිවුරුම්දීමට නියමිත අතර එම 12 දෙනා අතර ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද සිල්වා මහතාද සිටින බවයි වාර්තා වන්නේ. ඔහුට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම එජාප මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතාට කැබිනට් තනතුරක් හිමිවීමට නියමිතය. සෙසු සියලු කැබිනට් තනතුරු පොදුජන පෙරමුණට හිමිවනු ඇත.

ඒ අනුව ඇමති ධුර බාර නොගන්නා බවට ශ්‍රීලනිපය ගත් තීරණය සමග පක්ෂ සභාපතිවරයා සහ ලේකම්වරයා පමණක් රැඳී සිටිද්දී අනෙක් සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග කටයුතු කරනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...