සටහන – රුවන් නෙළුගොල්ල
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් විපක්ෂය ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ, දැනටත් මාස 09ක් ගතවී ඇති එම කාරක සභාවේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට විරෝධය පළකරමිනි.
මෙම කාරකසභාවේ කාලය දෙසැම්බර් 17 වනදා දක්වා දීර්ඝ කළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊයේ (11) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
“මේ කාරක සභාව රැස්වෙන්න පටන් අරන් දැන් මාස 9ක් වෙනවා. මේකේ ක්‍රියාදාමය, ක්‍රියාවලිය දැක්කාම අපි දැක්කේ මේක කල් මැරීමක්. පළාත් සභා ඡන්දේ පවත්වන්න නෙමෙයි මේක කල් දාන්න කරන කරන කාරක සභාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මැතිවරණ කොමිෂන් සභාව මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා. විපක්ෂ මන්ත්‍රීවරුන් විදිහට අපි ඒකට කැමැත්ත ප්‍රකාශ කරා. අපි කියනවා මෙවැනි කල් මැරීමේ, කාලය කා දැමීමේ කාරක සභාවට විපක්ෂය විදිහට අපි නැවත එන්නේ නැති විත්තිය”


