රතු මුහුදේ හූති බලය ඉහළ යද්දී සෞදිය ප්‍රධාන තෙල් නළ මාර්ගයක් වසා දමයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 12 :
සෞදි අරාබිය සිය ප්‍රධාන East-West තෙල් නළ මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

එම නළ මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව සෞදි අරාබිය ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සෞදි බලධාරීන් පවසයි.

කිලෝමීටර් 1,200ක් පමණ දිග මෙම නළ මාර්ගය සෞදි අරාබියේ නැගෙනහිර ප්‍රදේශයේ සිට රතු මුහුදේ Yanbu වරාය දක්වා බොරතෙල් ප්‍රවාහනය කරන අතර පසුගිය මාසවල එය දිනකට තෙල් බැරල් මිලියන 4–5ක් පමණ ප්‍රවාහනය කර ඇති අතර, එය ලෝක තෙල් සැපයුමෙන් 4%–5%කට ආසන්න ප්‍රමාණයකි.

මේ අතර, යේමනයේ ඉරානයට සම්බන්ධ හූති කැරලිකරුවන් රතු මුහුදට පිවිසෙන Bab el-Mandeb සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිය පාලනය තවදුරටත් පුළුල් කර තිබීම හා ඔවුන් Perim (Mayun) දූපත අත්පත් කර ගැනීමත් සමඟ ලෝකයේ වැදගත්ම නාවික මාර්ගයක් පිළිබඳ නව ආරක්ෂක අවදානමක් මතුව තිබේ.

මෙම තත්ත්වය එකතු වීමෙන් ලෝක බලශක්ති සැපයුමට තවදුරටත් පීඩනයක් එල්ල වී ඇති අතර, බොරතෙල් මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් ගෝලීය තෙල් සැපයුම, නාවික ප්‍රවාහනය සහ ඉන්ධන මිල ගණන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිවිය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...