ඉදිරි මාස තුන තුළ ඉතා ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :

පවතින ‘එල් නිනෝ’ සංසිද්ධිය ඉතා ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසීය.

ඉදිරි මාස තුන තුළ මෙම සංසිද්ධිය ඉතා ප්‍රබල ‘එල් නිනෝ’ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව ඔහු සඳහන් කළේය.

පසුගිය මාසයේ සෙල්සියස් අංශක 1.4ක පමණ අගයක් ගත් නැගෙනහිර පැසිෆික් කලාපයේ උෂ්ණත්වය, මේ වන විට සෙල්සියස් අංශක 3කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.

1950 වසරේ සිට පවතින වාර්තා සමඟ සන්සන්දනය කරමින් වත්මන් උෂ්ණත්ව මට්ටම් පිළිබඳව ඇගයීමක් සිදු කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදී මෙම සංසිද්ධිය ඉතා ප්‍රබල තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව සියයට 98ක් දක්වා ඉහළ ගොස් ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...