මුදල් විශුද්ධිකරණ චෝදනාවකට අදාළව අත් අඩංගුවට ගත් ශිරාන් බාසික්ගේ පියා අද (12) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ගම්පහ ප්රදේශයේ පිහිටි, ශිරාන් බාසික්ගේ පියාගේ නමට මිලදීගෙන ඇති රුපියල් කෝටි 03ක් පමණ වටිනා නිවසක් පිළිබඳ ප්රශ්න කිරීම සඳහා ඊයේ (11) දිනයේදී මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශයට (CCIB) කැඳවා තිබූ ශිරාන් බාසික්ගේ පියාව එහිදී ප්රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන තිබිණි. ශිරාන් බාසික්ගේ පියා 83 හැවිරිදි අයෙකු බවත් සඳහන්.
ඩුබායි රාජ්යයේදී අත් අඩංගුවට පත්ව මෙරටට එවනු ලැබූ ශිරාන් බාසික් මේ වනවිට රැඳවුම් නියෝග මත CCIBය භාරයේ රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී. මෙරටට මත්ද්රව්ය ගෙන්වූ ප්රධානතම ජාවාරම්කරුවන් පස්දෙනා අතරින් එක් අයකු බව පැවසෙන ශිරාන් බාසික් පිළිබඳව සහ ඔහුගේ මත්ද්රව්ය ජාලය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකෙරෙන්නේ CCIBය භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ය.


