ඉරාක ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සෞදි අරාබිය ගත් තීරණාත්මක තීන්දුව – තෙල් මිලට අහිතකර බලපෑමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඉරාක ඩ්‍රෝන ප්‍රහාර හමුවේ සෞදි අරාබිය හෝර්මුස් සමුද්‍ර සන්ධිය මඟහැර යන ප්‍රධාන තෙල් නලය වසා දමා තිබේ.

ඉරාකයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාර කිහිපයකින් පසුව සෞදි අරාබිය සිය බොරතෙල් නල මාර්ගය එලෙස තාවකාලිකව වසා දමා තිබෙන ඇත රියාද් සහ මෙඩිනා කලාපවල මාර්ගයේ ප්‍රධාන යටිතල පහසුකම් ඉලක්ක කරගත් මෙම ප්‍රහාර හේතුවෙන් ව්‍යුහාත්මක හානි රැසක් සිදුව ඇති බව විදෙස් ආටඃආආආ පවසයි.

මේ සම්බන්ධයෙන් සෞදි විදේශ අමාත්‍යාංශය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ සිය උතුරු දේශසීමාව හරහා එල්ල වූ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින බවයි.

මෙම නල මාර්ගය හෝමූස් සමුද්‍ර සන්ධිය වටා රාජධානියේ ප්‍රාථමික අතුරු මාර්ගයක් ලෙසයි භාවිතා කරනු ලබයි.

නැගෙනහිර කෙත්වල සිට යැන්බු හි රතු මුහුදේ අපනයන පර්යන්ත වෙත බොරතෙල් සෘජුවම ප්‍රවාහනය කිරීම එමඟින් සිදු වෙයි.

ගල්ෆ් ජාත්‍යන්තර සංසදයේ අබ්දුලාසීස් අල්ගාෂියන් පවසන්නේ පවතින තත්ත්වය පිළිබඳ සෞදි අරාබිය තුර්කියේ සහ පකිස්ථානය වැනි හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින් බහුපාර්ශ්වික ප්‍රතිචාරයක් අනුගමනය කිරීමට ඉඩ ඇති බවයි. ඊට කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රජාව කොපමණඑකඟතාවක් දක්වාවිද යන්න නිසි තක්සේරුවක් නොමැති වීම මෙහි ඇති බරපතල තත්ත්වය ලෙස පෙන්වා දී තිබේ.

අත්ලාන්තික් කවුන්සිලයේ ගෝලීය බලශක්ති මධ්‍යස්ථානයේ බෙන් කාහිල් පවසන්නේ නල මාර්ගය අහිමි වීම හෝමූස් සමුද්‍ර සන්ධිය මඟ හැරීමට සෞදි අරාබියට ඇති හැකියාවට බරපතල පහරක් බවත්, රතු මුහුදේ ප්‍රවේශය තර්ජනයට ලක්ව ඇත්නම් තෙල් මිල තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවට අනතුරු අඟවන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...