QR ක්‍රමයක් හරහා ධීවරයින්ට, ගොවීන්ට සහ ත්‍රීරෝද රථ ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් – සජිත් ප්‍රේමදාස

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ විශ්‍රාම වැටුප් විෂමතා සහමුලින්ම ඉවත් කරන අතර ජ්‍යේෂ්ඨ පුරවැසියෙන්ගේ ස්ථාවර තැන්පතු සඳහා 15%ක පොලියක් ලබාදෙන බව සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අපි විශ්‍රාම වැටුප් විෂමතා සහමුලින්ම ඉවත් කරනවා. ඒ වගේම ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලට ලබාදුන් 15%ක පොලිය අපි අනිවාර්යයෙන්ම නැවත ලබාදෙන්නට කටයුතු කරනවා. කිලිනොච්චියේ වැඩිම ගෙවල් හැදුණේ මම නිවාස ඇමති වෙලා සිටියදී. මම පටන් ගත්තු නිවාස යෝජනා ක්‍රම ගෝඨාභය රාජපක්ෂ නතර කළා. රනිල් වික්‍රමසිංහට ඒවා පටන් ගන්න කිසිම උනන්දුවක් තිබුණේ නෑ. 21 වෙනිදාට කිලිනොච්චියේ ජනතාව අපිව ජයග්‍රහණය කරපුවාම අසම්පූර්ණ වූ නිවාස ව්‍යාපෘති, උදාගම් ව්‍යාපෘති අපි අවසන් කරලා ඒවා නැවතත් ජනතාව අතට පත් කරනවා පමණක් නොවෙයි අලුතින්ම ගෙවල් හදන යුගයක්, අලුතින්ම උදාගම්මාන හදන යුගයක් අපි මේ කිලිනොච්චියේ ප්‍රා.ලේ. කොට්ඨාස හතරම, වසම් 95ම, ගම් නගර 394ම ආවරණය වන පරිදි අපි ක්‍රියාත්මක කරනවායි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාවට කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000 ට ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි, ධීවර ප්‍රජාව වෙනුවෙන් අපි ඉන්ධන සහනාධාරයක් ලබාදෙනවා. ගොවීන්ටත් ඒක ලබාදෙනවා. ත්‍රීරෝද රථ රියදුරන්ටත් ලබාදෙනවා. QR කෝඩ් එකක් හරහා ඒක ක්‍රියාත්මක කරන්නේ. මොකද, ලොකු ලොකු වාහන පාවිච්චි කරන ධනපතියන්ට ඉන්ධන සහනාධාර අවශ්‍ය නෑ, අපි ඒක ලබාදෙන්නේ ධීවර ජනතාවට, ගොවි ජනතාවට සහ ත්‍රීරෝද රථ රැකියාවේ නිරත වෙන ජනතාවට”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (15) කිලිනොච්චියේදී පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම රැලියට සහභාගී වී සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...