වෙඩිල්ල (කවි කෝලම) : පුළුවන් !!

Date:

අන්ධ අඳුරම කැන්ද ගන්නත් පුළුවන්
නින්ද දිගටම රන්ද ගන්නත් පුළුවන්
ලන්ද වට වැටකොටු බැඳෙන්නත් පුළුවන්
“ලන්ද-බට” මතකෙට නැඟෙන්නත් පුළුවන්

පිටට පිට – පිට පිට වදින්නත් පුළුවන්
කටට වට රසදිය ගිලෙන්නත් පුළුවන්
වැටෙන කලිසම උස්ස ගන්නත් පුළුවන්
යටට අඳිනයෙ හිල් තියෙන්නත් පුළුවන්

දිවිය කෙළවර මඳ කිපෙන්නත් පුළුවන්
දිවියලෝකෙන් අලි වැටෙන්නත් පුළුවන්
අලියො ලෙස අලි බෙටි වැටෙන්නත් පුළුවන්
බෙටි ඇතිල්ලුණු නැටි හැලෙන්නත් පුළුවන්

රෝස කැලයට කපුටා එන්නත් පුළුවන්
රෝස මල් පෙති වියරු වෙන්නත් පුළුවන්
රෝස කටුවල සොමිය දෙන්නත් පුළුවන්
රෝස මල් මත වමනෙ යන්නත් පුළුවන්

~ කෞ ද බෝයි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...