*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

රොජර් ෆෙඩරර් ටෙනිස් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බව ස්විට්සර්ලන්ත සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් පවසනවා. 41 වැනි වියේ පසුවන ෆෙඩරර් පසුගිය කාලසීමාව පුරා නිරන්තරයෙන් ආබාධවලින් පීඩා විඳි අතර එය ඔහුගේ සමුගැනීම ඉක්මන් කිරීමට හේතුවක් වන්නට ඇත.

1998 වසරේදී 16 හැවිරිදි ක්‍රීඩකයෙකු ලෙස වෘත්තීයමය ටෙනිස් පිටියට පිවිසි ෆෙඩරර් සමස්ත ලෝකයේම අවධානය තමා වෙත යොමුකර ගත්තේ 2003 වසරේදී සිය මංගල ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතාවය ලෙස විම්බල්ඩන් ශූරතාවය දිනා ගනිමිනි.

ඉන් අනතුරුව මේ දක්වා තවත් ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතා 19 ක් සියතට ගැනීමට ඔහු සමත් විය.

මේ මස ලන්ඩනයේදී ආරම්භ වන ලාවර් කුසලාන තරගාවලිය, ඔහු සහභාගි වන අවසන් වෘත්තීයම ටෙනිස් තරගාවලිය වනු ඇත.

සුපිරි ඇමරිකානු ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ද මෙම මස මුලදී සිය සමුගැනීම ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව එකම කාල වකවානුවකදී වෘත්තීයමය ටෙනිස් පිටියේ පෙළහර පෑ පුරාවෘත්ත දෙකක් සිය ක්‍රීඩාවට තිත තබන මාසයක් ලෙස සැප්තැම්බර් මාසය සටහන් වනු ඇත.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan