*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට තරුණයිනි පෙරට එන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරන අද දින පාස්කු ප්‍රහාරය හේතුවෙන් සිය ජීවිත අහිමි වූ පවුලේ අය අහිමි වූ ඥාති මිත්‍රාදීන් අහිමි වූ ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය වෙනුවෙන් සැම දෙනාම එකට එක්වී සිය යුතුකම කල යුතු බවත් රජය මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළි නොකරන්නේ නම් මෙහි සැබෑ යථාර්ථය හා සත්‍ය සොයා ගැනීමට මෙරට තාරුණ්‍යය සවිබල ගන්වා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාමාර්ගවලට එළැබීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේට (15) යෙදී තිබුණු ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය නිමිති කොට ගෙන විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වන අද දවසේ ප්‍රධාන තේමාව වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට තාරුණ්‍යයේ කාර්යභාරය බවත් තරුණයන් සවිබල ගැන්වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ තේමාව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

එසේ ම පාස්කු ප්‍රහාරය නිසා විපතට හා හානියට පත් මෙරට ජනතාවගේ අහිමි වූ ජීවිත වෙනුවෙන් තාරුණ්‍යයේත් අපගේත් කාර්යභාරය වී ඇත්තේ සත්‍ය සොයා යාම බවත් රජයට හා රජයට සම්බන්ධ සියලු කණ්ඩායම් සත්‍ය වසන් කර, එහි සුළු මුල මහමොලකරුවන් හා ඊට සම්බන්ධ ප්‍රධානීන් ආදිය සම්බන්ධයෙන් සත්‍ය මඟහරිමින් සිටින අවස්ථාවක රටේ තාරුණ්‍යයේ හා පුරවැසියන්ගේ වගකීම වන්නේ මෙහි සැබෑ සත්‍ය හෙළි කර ගැනීම බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරණ මේ මොහොතේ අප අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තව ද රජය මේ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරනවා වෙනුවට තොරතුරු සඟවන්නේ ඇයි ද කියා ගැටලුවක් පවතින බවත් ජාතික ආරක්ෂාවේ නමින් රටේ ලක්ෂ 220කගෙන් මෙහි සත්‍ය වසන් කිරීම නිවැරදි ක්‍රියාවක් නොවන බවත් මහා බරපතල ත්‍රස්තවාදී ක්‍රියාවක සුළ මුල සෙවීම පසෙකලා තොරතුරු වසන් කිරීම රටට අහිතකර දෙයක් බවත් මේ මොහොතේ රටට අවශ්‍ය වී ඇත්තේ සත්‍ය හෙළිදරව් කර මීට සම්බන්ධ සියලු දෙනා නිතිය හමුවට ගෙනවිත් දැඩි දඩුවම් ලබා දීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

මේ සඳහා ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය නොවුනත් නිර්පාක්ෂික විනිවිධභාවයකින් යුත් වැඩපිළිවෙළක් රටට නොමැති නම් ජාත්‍යන්තර සහයෝගය සහිතව සත්‍ය සොයා යෑමේ වැඩපිළිවෙලකට ප්‍රවේශ වීමට සිදුවන බවත් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය තුළ අපේ රටේ යොවුන් පරපුරට ජාති ආගම් කුල මළ පන්ති පක්ෂ භේදයකින් තොරව පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීමේ වැඩපිළිවෙළ ගෙන යාමට පෙරමගකරුවන් ලෙස ඉදිරියට එන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරුණයන්ගෙන් ඉල්ලා සිටියේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan