මම සටන් කරන්නේ අඩුගාණේ ගොවියාව කාර් එකකවත් යවන්නයි – රොෂාන්

තමන් හැමදාමත් සටන් කළේ ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

“වී ගොවියෝ විදියට අපි එක්ලක්ෂ පනස් දාහක් – ලක්ෂ දෙකක් හොයාගන්න දහදුක් විඳිනවා, ඒක අපි පැහැදිලිවම දකිනවා. එතකොට මම හැමදාම සටන් කළේ අඩුගාණේ ගොවියා කාර් එකකවත් යන්න ඕනෙ කියන තැන ඉඳලා“

මහ කන්නය සඳහා පොහොර ලබාදීමට ඇති සූදානම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වීය.

“වගාව ආරම්භ වෙන ආකාරයට කෘෂිකර්ම අමාත්‍යාංශය, පොහොර ලේකම් කාර්යාලය එක්ක සාකච්ඡා කරලා සැලසුම හදලා තියෙනවා. පළවෙනි සති දෙකේදී දැනට ඉන්දියාවෙන් ගෙන්නපු පොහොර ප්‍රමාණය ඔබට ලබාදීලා ඒ ප්‍රශ්නය විසඳන්න”

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ මහ කන්නයට ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...