මම සටන් කරන්නේ අඩුගාණේ ගොවියාව කාර් එකකවත් යවන්නයි – රොෂාන්

Date:

තමන් හැමදාමත් සටන් කළේ ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

“වී ගොවියෝ විදියට අපි එක්ලක්ෂ පනස් දාහක් – ලක්ෂ දෙකක් හොයාගන්න දහදුක් විඳිනවා, ඒක අපි පැහැදිලිවම දකිනවා. එතකොට මම හැමදාම සටන් කළේ අඩුගාණේ ගොවියා කාර් එකකවත් යන්න ඕනෙ කියන තැන ඉඳලා

මහ කන්නය සඳහා පොහොර ලබාදීමට ඇති සූදානම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී අදහස් දැක්වීය.

වගාව ආරම්භ වෙන ආකාරයට කෘෂිකර්ම අමාත්‍යාංශය, පොහොර ලේකම් කාර්යාලය එක්ක සාකච්ඡා කරලා සැලසුම හදලා තියෙනවා. පළවෙනි සති දෙකේදී දැනට ඉන්දියාවෙන් ගෙන්නපු පොහොර ප්‍රමාණය ඔබට ලබාදීලා ඒ ප්‍රශ්නය විසඳන්න”

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ මහ කන්නයට ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඊයේ (04) දින...

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...