අත්බෝම්බ ප්‍රහාරයේ සැකකරු පාතාල කල්ලි සම්බන්ධ වෙනත් ඝාතනයකටත් සම්බන්ධ බව අනාවරණයක් ……

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

දෙහිවල සිරිසංඝබෝ මාවතේ පිහිටි නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු, ගල්කිස්ස කඳවල පාර ප්‍රදේශයේ සිදුවූ වෙනත් මාරාන්තික වෙඩි තැබීමකට සම්බන්ධ වෙඩික්කරු බවට ද පොලිස් විමර්ශනවලදී හඳුනාගෙන ඇත.

අදාළ වෙඩි තැබීමේ සිද්ධිය පසුගිය අගෝස්තු 1 වන දින සිදුවී ඇති බවත්, එම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත සිදුකර ඇති බවට සැක කෙරෙන බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

මේ අතර, දෙහිවල සිදුවූ මාරාන්තික අත්බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ රිදිමාලියද්ද, දෙහිවල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලදීය.

වයස අවුරුදු 39, 30 සහ 23 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැප්තැම්බර් 11 වන දින සිදුවූ මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මියගිය අතර ඔවුන්ගේ පියා තුවාල ලැබීය.

ඉලක්කය වැරදීමක් හේතුවෙන් අත්බෝම්බය වැරදි නිවසකට විසි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සහ සංවිධානාත්මක අපරාධ කල්ලියක් සමඟ සමීප සබඳතා පවත්වන බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ නිවස ප්‍රහාරයේ ඉලක්කය වී තිබූ බවට ද පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (09) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...

ජංගම ගිණුම – අගෝස්තු 2026

මාස හතරකට පසුව, 2026 අගෝස්තු මාසයේදී විදේශ අංශයේ ජංගම...

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...